top of page
technology-financial-services-services-financiers_edited_edited_edited.jpg

​අපි ඔබ සොයනා බැංකුවයි

අපි ගැන

වත්මන් සාමාන්‍යාධිකාරී එච්.එම් නන්දන බණ්ඩාර හේරත් මහතාගේ සංකල්පයකට අනුව 2005 වර්ෂයේ ස්වේච්ඡා සංවිධානයක් ලෙස ආරම්භ කර 2007 වර්ෂයේ සමුපකාර සමිතියක් ලෙස ලියාපදිංචි කර ඇති අතර මාතලේ දිස්ත්‍රික්කයේ කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයින්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා ගුණාත්මක සහ ප්‍රමුඛ සමුපකාර බැංකු සේවාවක් සපයන්නෙමු.

දශක දෙකකට ආසන්න කාලයක් ප්‍රදේශයේ කීර්තිමත් බැංකු සේවාවක් සපයමින් සිටින අප මධ්‍යම පළාතේ හොඳම මුල්‍ය සේවා සපයන සමුපකාර සමිති අතරින් ඉහළම කාර්යසාධනයක් සහිත සමුපකාර බැංකුවක් ලෙස අවස්ථා කිහිපයකදීම සම්මානයට පාත්‍ර වී ඇත.

ඒ වගේම දෛනික ජංගම බැංකු සේවාවේ නියැලෙන අපි නවීන තාක්‍ෂණය භාවිත කරමින් අනෙකුත් මූල්‍ය ආයතන හා බැංකු සමඟ තරගකාරී ලෙස එම කාර්යය සපයන්නෙමු. නවීන තාක්‍ෂණය භාවිත කරමින් ජංගම බැංකුකරණයේ නියැළී සිටින අප ශ්‍රී ලංකා සමූපකාර ඉතිහාසයේ ප්‍රථම වතාවට Cloud Base පද්ධති තාක්‍ෂණය භාවිත කරමින් තොරතුරු ගබඩා කර සමුපකාරයට Palm Top Mobile Device පද්ධතිය හඳුන්වා දුන් බව ද ආඩම්බරයෙන් සිහිපත් කරන්නෙමු. එමෙන්ම අභියෝග හරහා නවෝත්පාදන සොයන මධ්‍යම පළාතේ සමුපකාර සමිති අතර ප්‍රථම වරට ජංගම බැංකු ශාඛාවක් හඳුන්වා දෙමින් අපි මිත්‍රශීලී, විශ්වාසනීය සහ කාර්යක්ෂම මුල්‍ය සේවා සපයන්නෙමු.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සමඟ SME බැංකුවේ සම්බන්ධය ප්‍රදේශයේ බැංකු සහ මූල්‍ය ආයතන අභිබවා යමින් බිම් මට්ටමේ සිට සේවා සැපයීමට හැකියාව ලැබී ඇත. තවද ගනුදෙනුකරුවන් මුහුණ දෙන විවිධ මූල්‍ය අවශ්‍යතා සහ ආර්ථික අභියෝග සඳහා මූල්‍ය විසදුම් ලබා දෙමින් බැංකු ආචාර ධර්ම සහ සමුපකාර ආචාර ධර්මවලට අනුකූලව සහ හොඳ විවිධත්වයකින් යුතුව අඛණ්ඩව සහ තිරසාරව ක්‍රියාත්මක වන කාර්යක්ෂම බැංකු සේවාවකි.

දැක්ම

තිරසාර ව්‍යවසායකයින් බිහි කිරීම සහ දේශීය ව්‍යාපාර සංවර්ධනය සඳහා මුල්‍ය සහ වෙනත් සේවා සපයන ශ්‍රී ලංකාවේ හොඳම ආයතනයක් වීම.තිරසාර ව්‍යවසායකයින් නිර්මාණය කිරීම හා දේශීය ව්‍යාපාර සංවර්ධනය උදෙසා මූල්‍ය හා වෙනත් සේවාවන් සපයන ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම ආයතනයක් ලෙස කටයුතු කිරීම

මෙහෙවර

සමුපකාර ප්‍රතිපත්තීන් හා මූලධර්මයන්ට මෙන්ම ගතික පරිසරයේ තාක්ෂණික හා වෙනත් යාවත්කාලීන වීම වලට අනුගත වෙමින් අභිප්‍රේරිත මානව සම්පතක් මඟින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය හා දේශීය කර්මාන්ත සංවර්ධනය උදෙසා මුල්‍ය මෙන්ම වෙනත් සෘජු හා වක්‍ර සේවා ගුණාත්මකවත්, කාර්යක්ෂමවත්,නම්‍යශීලීවත්,පරිසරහිතකාමීවත් සපයමින් තරඟකාරීව, ලාභදායීව දේශීය ආර්ථිකය සවිබල ගැන්වීම හා සාමාජික හා සාමාජික නොවන ප්‍රජාව සමෘද්ධිමත් කිරීම

bottom of page